මොකක්ද මේ Black Friday?

0

ශ්‍රී ලාංකිකයන් වන අපිට Black Friday කිව්වම මතක් වෙන්නේ විශාල වට්ටම් සහිතව ගොඩක් අඩුවට online shopping කරන්න පුළුවන් දවස් කිහිපයක් ගැන නමුත් එය පිටිපස ඇති කතාවයි මේ

black Friday හෙවත් කලු සිකුරාදා යෙදිල තියෙන්නෙ හැම අවුරුද්දේ නොවැම්බර් මාසේ.Black Friday එක හැදුනේ කොහොමද කියනවා නම් ඇමරිකාවේ හැම අවුරුද්දෙම නොවෙම්බර් මාසයේ 4 වන සතිය බ්‍රාහස්පතින්දා thanks giving කියලා උත්සවයක් පවත්වනවා. මෙම උත්සවයෙන් පසු ලැබෙන සිකුරාදා තමයි black Friday කියලා හදුන්වන්නේ thanks giving උත්සවය සමරා ඇමෙරිකානු ජාතිකයින් ඉන්පසු එළඹෙන සිකුරාදා එනම් black Friday එක දවසේ සාප්පු සවාරි යෙදෙන්න පුරුදු වෙලා තියනවා.එදාට එරට සාප්පු උදෙන්ම විවෘත කිරීමටත් මධ්‍යම රාත්‍රිය වන තුරුම විවෘතව තබා ගැනීමටත් එම සාප්පු හිමියන් කටයුතු කරනවා. එම දිනයේදී භාණ්ඩ සඳහා 70% 80% ඉතා ඉහල වට්ටම් ලබා දෙනවා. ඉන්පසු ඊට පසු යෙදෙන සදුදා දිනය cyber Monday නමින් හඳුන්වනවා. එදිනට අන්තර්ජාතික Online Shipping site (eBay,aliexpress, Amazon, Gearbest ,BangGood) වලද ඉහළ වට්ටමක් ලබා දෙනවා. එදිනට shipping කිරීමේ ලංකාවේ බොහෝ දෙනෙක්ද හුරු වී තිබෙනවා. තවද ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන Online Shipping site Daraz.lk වැනි Site වලද මෙම වට්ටම් දීමට කටයුතු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here