Facebook බලා අපගේ සාස්තරයක් කිව හැකි බව ඔබ දන්නවද අපගේ පෞද්ගලික තොරතුරු ඒ වගේම අප කරන කියන දේවල් වැනි බොහෝ තොරතුරු Facebook සමාගම Digital ඇසකින් බලා සිටිනවා.

අපි අපේ Friends ලගේ Photos වලට Like කරනවා ඒ වගේම විවිද භාණ්ඩ සේවා වලටත් Like කරනවා. මේ වගේ අපි දිගින් දිගටම එකම භාණ්ඩ හෝ සේවා වලට Like කරනවානම් Facebook තාක්ෂනය මගින් එය හදුනා ගෙන අපි එම වැඩිපුර කැමති භාණ්ඩ හා සේවා වල දැන්වීම් අපගේ wall එකේ දිස් වීමට සලස්වනවා. මෙය එක්තරා විදිහකින් Facebook සමාගමටත් අපිටත් වාසියක් ලෙස දැක්විය හැකිය.

ඒ වගේම අපි යන වෙබ් අඩවි පිලිබදවත් Facebook ආයතනය හොදින් බලා සිටිනවා අපි වෙබ් අඩවියකට ඇතුළු වූ විට සමහර අඩවි වල Facebook Page ඇතුලත් කර තිබෙනවා අපි ඒවටත් Like කරලා ඇති ඒ අනුව Facebook ආයතනය අපි එම වෙබ් අඩවියට කැමති බව දැනගන්නවා, ඉන් පසු එම වෙබ් අඩවියේ අන්තර්ගත දේවල් වලට සමාන දැන්වීම් අපට Facebook තුලපෙන්විමට සලස්වනවා.

මෙවන් විවිධ ක්‍රම ඔස්සේ අපගේ තොරතුරු Facebook ආයතනය එකතු කර ගන්නවා මෙම තොරතුරු එකතු කර ගැනීම නිසා නඩු වලට පවා Facebook ආයතනය මුහුණ දෙමින් සිටිනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here