iPhone 11 Review Sinhala

0
iphone 11 review

Apple සමාගම සෑම වසරකම සැප්තැම්බර් පවත්වනු ලබන apple event එකක් මෙවරත් සැප්තැම්බර් 10 වන දින පවත්වනු ලැබුවා. එහිදී Apple සමාගම නවතම Apple iPhone 11, iPhone 11 Pro, iPhone 11 Pro Max දුරකථන, අඟල් 10.2 නවතම් iPad එක, Apple watch series 5 හඳුන්වා දෙන ලදී.

iPhone 11

iPhone XR දුරකතනයේ නව මාදිලියක් ලෙස iPhone 11 දුරකථනය හැඳින්විය හැක. මෙයට A13 Bionic චිප්සෙට් එකක් ඇතුලත් කර ඇති අතර 64GB, 128GB, 256GB ලෙස මාදිලි 3කින් ඇති අතර එම මාදිලි තුනටම 4 GB Ram එකක් ඇතුලත් වේ. iPhone දුරකථනයක් සඳහා මෙම memory ප්‍රමාණය එතරම් ගැටළුවක් නොවේ. 2019 එළිදැක් වූ බොහොමයක් smartphone වල 8GB, 6GB ලෙස Ram එකක් ඇතුලත් වුවද, මෙම iPhone 11 දුරකථනයේ IOS operating system එක සඳහා මෙම memory ප්‍රමාණය එතරම් ගැටළුවක් නොවේ. තවද iPhone 11 දුරකථනයට wifi 6 පහසුකමද ලබා දී ඇත.

iPhone 11,11 Pro, 11 Pro Max Design

සමස්තයක් ලෙස iPhone 11,11 Pro, 11 Pro Max දුරකථනය පෙනුම iPhone Xs, Xs Max, Xr දුරකථන වලට බොහෝ දුරට සමාන වේ. iPhone Xs, Xs Max, Xr දුරකථන සමග සැසදු කල iPhone 11,11 Pro, 11 Pro Max දුරකථන වල පිටුපස ඇති කැමරාවල වෙනස පමණ දැකගත හැකිවේ. තවද iPhone 11 දුරකථනය නවතම වර්ණ කිහිපයකින් හඳුන්වා දී ඇත. iPhone 11 දුරකථනය අගල් 6.1″ ද, iPhone 11 Pro දුරකථනය අගල් 5.8″ ක්ද, iPhone 11 Pro Max දුරකථනය අගල් 6.5″ ද වේ. Apple සමාගම පවසන ආකාරයට iPhone 11 දුරකථන වල Display එක Super Retina Display ලෙස හදුන්වයි.

iPhone 11,11 Pro, 11 Pro Max Camera

iphone 11 pro, 11 pro max triple camera setup

කැමරාව අතින් iPhone XS සමඟ iPhone 11 Pro, 11 Pro Max හා සැසඳූ කල iPhone 11 Pro දුරකථන කැමරා තුනක් ඇත.මෙය iPhone දුරකථනයක් සඳහා කැමරා තුනක් ලබා දුන් ප්‍රථම අවස්ථාවයි. ඒවා නම් 12 මෙගාපික්සල් ප්‍රධාන කැමරාව, 13 මෙගාපික්සල් ultra-wide-angle කැමරාවක් හා 12 මෙගාපික්සල් telephoto කැමරා වේ. මෙම දුරකථනයේ කැමරාවෙන් විශේෂ ලක්ෂණයක් ලෙස night mode පහසුකම හඳුන්වාදිය හැකිය. නවතම telephoto Lens එක මාර්ගයෙන් පෙරට වඩා 40% එළිය කැමරා lens එක ඇතුලට ලබාගෙන අඳුරේදී ෆොටෝ එකක් Noise නොමැතිව ලබාගැනීමට හැකියාව ඇත. video quality එක ගැන කතා කරහොත් 4K Video 60 Fps දක්වා Record කරගත හැකිවේ. iPhone 11 දුරකථන වලට 12 MP කැමරාවක් ඇතුළත් කර ඇති අතර මේ මගින් slow-motion video record කිරීමේ හැකියාවද ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here